ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන කටයුතු ආරම්භ කරයි

    ජූලි 27, 2018

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සහ ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු විය.

    නාමල් උයන නැරඹීම සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රයේ පළමු ප්‍රවේශ පත්‍රය ද මෙහිදී එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතු‍ළු මහජන නියෝජිතයින් පිරිසක් ද, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පුරාවිද්‍යා කොමසාරිස්  ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya