ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2017 සා/පෙළ විභාගයේ දෙවන භාෂා විශිෂ්ටයෝ ඇගයීමට ලක්වෙති

    ජූලි 27, 2018

    2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිදු කෙරිණි.

    "දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න" ගුවන්විදුලි වැඩසටහන හා ඊට සමගාමීව පැවැත්වූ සම්මන්ත්‍රණ මාලාව ප්‍රයෝජනයට ගනිමින් 2017 වර්ෂයේ දෙසැම්බර් මස පැවති අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස  විෂය ස‍ඳහා පෙනි සිට A හා B සමාර්ථ ලබා ගත් සිසුන් 4,000 කට සම්මාන පිරිනැමීම සංකේතවත් කරමින් දිවයිනම ආවරණය වන පරිදි සිසුන් දහ දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    විදුහල්පතිවරුන්, ගුරවරුන් සහ ,දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න, ගුවන්විදුලි වැඩසටහන නිර්මාණය කළ පිරිස් ද ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක් කෙරිණි.

    අමාත්‍ය මනෝ ගනේෂන්, අර්ජුණ රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සෙයිද් අලි සාහිර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ඊ. සර්වනභවන්, මූඛර්ජ් රහුමාන්, වේලුකුමාර් යන මහත්වරුන් සහ ජාතික ඒකබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් එම්.වයි.එස්. දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya