ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අගමැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සම්ප්‍රාප්ත වෙයි

    අගෝස්තු 29, 2018

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) මොණරාගල දී ආරම්භ විය.

    ප්‍රදර්ශනය අගෝස්තු මස 29,30,31 යන තෙදින පුරා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ දී පැවැත් වෙයි.

    කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.

    2015 සිට 2018 දක්වා වූ රජයේ තුන්වසරක මෙහෙවර මෙන්ම වසර 2025 දක්වා වූ රජයේ ඉදිරි දැක්ම මෙම ප්‍රදර්ශනය තුළින් පෙන්නුම් කෙරේ. මෙම ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අරමුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමයි.

    අග්‍රාමාත්‍යවරයා ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අතර මාධ්‍ය කලාපය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා, ජනමාධ්‍ය ආයතන වෙත ගොස් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අඳහස් දැක්වීය.

    නිරීක්ෂණය අතරතුර ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය වෙත සම්ප්‍රාප්ත විය.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

     

    pm 2

     

    pm3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya