ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා- ඇඟට දැනෙන වෙනසක් ගමට ගෙන එනවා- අගමැති

    අගෝස්තු 30, 2018

    වසර 2015 දී රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් අපට ජනවරම් දෙකක් ලබා දුන් බවත්, එතුළින් මුල් අවුරුදු තුනේ රටට දැනෙන වෙනසක් ගෙන ආ අප ඇඟට දැනෙන වෙනසක් ගමට ගෙන ඒම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැඩපිළිවෙළින් අද ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2025 මහා ප්‍රදර්ශනයේ ආරම්භ දින නිල සැමරුම් උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.


    අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාතට සුවසැරිය ගිලන් රථ සේවය ඇරැඹීම, ඉඩම් ඔප්පු හා හිමිකම් ඔප්පු ප්‍රදානය, ණය යෝජනා ක්‍රම දියත් කිරීම ඇතුළු කටයුතු රැසක් මෙහි දී සිදු විය.

    එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රමාත්‍යවරයා මෙසේ ද කීය.

    ‘‘වසර 2015 මුල් මාසයේ දී සහ වසර අගභාගයේ දී රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් අපටත් ජනවරම් දෙකක් ලබා දුන්නා. අපි ඒ තුළින් රටට වෙනසක් ගෙන ආවා.

    මුල් කාලයේ රටට දැනෙන වෙනස සිදු කළේ විශාල බාධක අභියෝග මැදයි. අපි පසුගිය රජය ලබාගත් අති විශාල ණය කන්දක් ගෙවුවා. රටේ සාමය හා සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගුවා. අද ගමට ඇගට දැනෙන සංවර්ධනය ගෙන ඒම ආරම්භ කළා. අපි මොනවද කළේ කියල සමහරු අහනවා. අපි ඒ අයට ක්‍රිකට් ක්‍රීඩාවෙ කතා කරන භාෂාවෙන් පිළිතුරු දෙන්න සූදානම්. අපි පළමු වසර තුනේ කළේ කඩුල්ල ආරක්ෂා කර ගැනීමයි. පන්දු හොඳට පැහැදිලිව බලල සංයමයෙන් ක්‍රීඩා කළා. කඩුළු වැටෙන්න දුන්නේ නෑ. අපේ පිතිකරුවන් කඩුලු නොදී අවශ්‍ය ඉලක්කයට ලකුණු දැන් ගෙනවිත් තියෙනවා.

    ඉදිරියේ දී අපේ පිතිකරුවන්ට අවශ්‍ය තරමට ලකුණු ගහන්න තමයි දැන් තියෙන්නෙ. ඒ සඳහා අපේ පිතිකරුවන් සූදානම් විය යුතුයි. ‘‘ යැයි ද අගමැතිවරයා කීය. මෙම අවස්ථාව අමතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ධීවර ජලඡ සම්පත් හා ග්‍රාමීය කටයුතු ඇමැති විජිත් විජියමුණි ද සොයිසා, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, මොණරාගල දිස්ත්‍රික් ලේකම් බී.එස්. පද්මකුලසූරිය යන මහත්ම මහත්මීහු ද කතා කළ හ.

    මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී. රැකව, පළාත් සභා පළාත් පාලන ආයතන මහජන නියෝජතයන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya