ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සියලු ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 03, 2024

    පසුගිය දිනවල ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සියලු ක්‍රියා මාර්ග ගෙන ඇතැයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද(03) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඒ සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රජය රුපියල් මිලියන 345 ක් වෙන්කොට ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24 ක පවුල් 139,439 ක්  පුද්ගලයින්  46,9872 ක් පීඩාවට පත් වි ඇත .පූර්ණ ලෙස හානියට පත් නිවාස 110ක් සහ අර්ධ ලෙස හානියට පත් නිවාස 3,139කි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 92කි. ඒ සියල්ල සඳහා රජය විසින් චක්‍රලේඛ ප්‍රකාරව වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    පශ්චාත් ආපදා තත්ත්වය යටතේ නිවාස පරිසිදු කිරීම ඇතුළු, ළිං සහ ජල මූලශ්‍ර පිරිසිදු කිරීම සහ  අනෙකුත් යටිතල පහසුකම්  ප්‍රතිසංස්කරණය කිරීමට සහ පීඩාවට පත් ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් ලැබී තිබෙන බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේය.

     

    බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානයයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක වන බවත්, කිසිවෙකු ඒ් සම්බන්ධයෙන් චකිතයක් ඇති කර නොගන්නා  ලෙසද ආරක්ෂක නියෝජ්‍ය  අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණය සමග ඒකාබද්ධව කටයුතු කරන ලෙස නියොජ්‍ය අමාත්‍ය වරයා සියලු දෙනාගේන් ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya