පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තුව ඉදිරියට පවත්වාගෙන යන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය කාලයේ එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ දක්නට නොලැබණු බවද සභානායකවරයා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී S M මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.