ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ජාතිවාදය පැතිරවීමට උත්සාහකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

    දෙසැම්බර් 03, 2024

    ජාතිවාදය පැතිරවීමට උත්සාහ ගන්නා පුද්ගලයන්ට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (03) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළාය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  විසින් 2024 නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අද පැවති විවාදයට එක්වෙමින්  අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

    නැවත වරක් රට තුළ ජාතිවාදය අවුස්සා ගනිමින් දේශපාලනය ක්‍රියාත්මක කිරීමට ගන්නා සියලුම උත්සාහයන් පරාජය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවද අගමැතිනිය පැවසුවා.

    ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලනය නොව බලය අවභාවිතා කරන දේශපාලන සංස්කෘතිය බවද අගමැතිවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya