පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම පිණිස ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ඉම්රාන් මහරූෆ්, රෝහිණි කුමාරි විජේරත්න, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්,(ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (ජ්‍යෙ. මහාචාර්ය) සේන නානායක්කාර, චානක මාදුගොඩ, ගරු සංජීව රණසිංහ, අරවින්ද සෙනරත් සහ කිට්නන් සෙල්වරාජ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට තමා විසින් නම් කර තිබෙන බව කථානායක අසෝක රන්වල මහතා අද (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.