ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ගොවි ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සියලුම පියවර ගන්නවා - කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත

    දෙසැම්බර් 05, 2024

    ගොවි ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බව  කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා  අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය. අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වාරිමාර්ග කටයුතු සහ  ගොවීන්ට ඉඩම් හා පොහොර ලබා දීම වෙනුවෙන් කලක් තිස්සේ විශාල මුදලක් වියදම් කර ඇති නමුත් ගොවියා සැමදා දුප්පත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     මෙම ගොවි ජනතාව සිටින තැනින් ඉදිරියට ඔසවා  තැබීම ඉලක්ක කර ගනිමින්,  ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ඉදිරියේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම යෝජනා සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    රටේ වගාවන් සඳහා වනසතුන්ගෙන් වන හානිය බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බව  කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තම වගාවට හානිකරන සතුන් තම වගා භූමියේදී  සිදුකරන හානියේදී ඔවුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට බාධාවක් නැතැයිද ඔහු  සඳහන් කළේය.

    මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ වගකීම තම අමාත්‍යංශය භාර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම තම දිස්ත්‍රික්කය තුළ පවත්නා ගැටලුවලට කඩිනමින් පිළිතුරු සෙවීම සිදුකරන බවත් ඔහුකීය.

     වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    පසුගිය කාලයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයට සම්බන්ධ වී සිටින අය විවිධ ව්‍යාපෘති යෝජනා රැගෙන  ආවා. ඒ හැම  ව්‍යාපෘති යෝජනාවකම ගොවියාගේ කෑල්ල අතහැරලා තිබෙනවා. Project Proposal සම්පූර්ණයෙන් සකස් වෙලා තිබෙන්නේ එම ජන කණ්ඩායම ඉල්ක්ක  කරගන්නේ නැතිව.

    අපි  මැතිවරණ සමයේ පොදුවේ  කතා කරපු  කාරණා 04ක් තිබෙනවා. එකක් තමයි දේශපාලන සංස්කෘතිය කඩා වැටීම/ආර්ථිකය/සමාජය සහ සංස්කාතිය කඩා වැටීම. ආර්ථික සමාජ සහ සංස්කෘතිය ගොඩ නැගීමට නම්  පළවෙනි කාරණය වන දේශපාලන සංස්කෘතිය හරියට ගොඩ නැගිය යුතුයි. 

    අපි එම දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. රජ කාලේ පවා පැරදුණු අයගෙන් පලි ගත්තා. නමුත් ඉතිහාසයක් පුරා තිබු ඒ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වූ දිනේ සිට එම වෙනස කිරීමට අපට හැකි වුණා. අපි සිස්ටම් චේන්ජ් එකක් කළා.

    මේ රටේ උත්සව පිළිබඳව ගායක් තිබුණේ. මහජන ධනය නාස්ති කළා. අපි එම ක්ෂේත්‍රයේත් වෙනසක් ඇති කළා. ජනාධිපතිවරයා බලයට ගෙනෙ ඒම සම්බන්ධයෙන් අද මේ රටේ ජනතාව සතුටින් ඉන්නේ. මැති ඇමතිවරුන්ට තිබූ රථ ගාය මේ ආණ්ඩුව නතර කළා.

    නමුත් රාජ්‍ය සේවයේ තවමත් ආකාර්යක්ෂම බවක් තිබෙනවා. දේශපාලන සංස්කෘතියේ ඇති කර ගත් වෙනස රාජ්‍ය සේවයේත් ඇති කර ගත යුතුයි නැත්නම් රට ඉදිරියට ගෙනයන්න බැහැ. රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්ද වලින් පෙන්නුවා ඒ ගොල්ලොත් මේ සිස්ටම් චේන්ජ් එකට කැමතියි කියලා. අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවයත් සමග කාර්යක්ෂම ගමනක් ඉදිරියට යන්න පුළුවන් කියලා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya