ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    වෙළෙඳපොළ පොල් හිගයක් නැහැ - මාෆියාවක් හදන්න ඇතැම් අය උත්සාහ කරනවා

    දෙසැම්බර් 05, 2024

    පරිභෝජනයට තිබෙන පොල්වල කිසි අඩුවක් නොමැති බවත්, එහෙත් පොල්  වෙළෙඳපොළ  මාෆියාවක් හදන්න ඇතැම් අය උත්සාහ දරමින් සිටින  බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 

    අද (05) පාර්ලිමේන්තුවේදි  මන්‍ත්‍රී ඩී.වී චානක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    “මෙම වසරේ පොල් ගෙඩි නිෂ්පාදන අපේක්ෂාව පොල් ගෙඩි මිලියන 2684ක්. පසුගිය වසරට වඩා පොල් නිෂ්පාදනය 14%ක අඩුවක් තිබෙනවා. පරිභෝජනයට තිබෙන පොල්වල කිසි අඩුවක් නැහැ. නමුත් පොල් වෙලෙඳපොළ මාෆියාවක් හදන්න ඇතැම් අය උත්සහ කරනවා.

     වෙළෙඳපොළ පොල් මිල රුපියල් 200ට යන එක වළක්වන්න තමයි රුපියල් 130ට පොල් දෙන්නේ. රජය සතු වතුවල තිබෙන පොල් ගෙඩි ලක්ෂ 10ක් මෙසේ බෙදා හරිනවා. කොළඹ අවට සතොස ජාලා 140ක් තිබෙනවා. ඒ හරහා අද සිට මෙම පොල් බෙදාහරිනවා. මෙම පොල් ප්‍රමාණවත් නොවුනොත් තව පොල් ලබා දෙනවා”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya