ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් වෙනුවෙන් ඉදිකළ නේවාසිකාගාරය ජනපති අතින් සිසු අයිතියට

    නොවැම්බර් 23, 2014

    රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටලුවට විසඳුම් ලබාදෙමින් එහි වෛද්‍ය පීඨ සිසුන් සඳහා ඉදිකළ 'සරසවි මැඳුර' පණ්ඩුකාභය නේවාසිකාගාරය සිසු අයිතියට පවරා දීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් අද (23) පස්වරුවේ සිදු කෙරිණි.

    රුපියල් මිලියන 200ක් වැය කරමින් සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකළ මෙම සිව් මහල් නේවාසිකාගාරය කාමර 100කින් යුක්තවේ. සිසුන් 400කට එහි නවාතැන් පහසුකම් ලබා දිය හැකිය. මෙරට විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ගැටලුවට විසඳුම් ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ඉදිකෙරෙන කෙරෙන නේවාසිකාගාර 60 ව්‍යාපෘතියට සමගාමී ව මෙය ඉදිකරනු ලැබීය.


    නේවාසිකාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරකාවක ද නිරත වෙමින් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සමඟ ද කතාබහ කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද සොයා බැලීය.


    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක සමඟ අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, තිස්ස කරල්ලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, මහත්වරුන් ද උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, මහ ඇමති එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නන්දිමිත්‍ර ඒකනායක, වීරකුමාර දිසානායක, පා.ම. ෂෙහාන් සේමසිංහ, පළාත් අමාත්‍ය එස්.බී. සේමසිංහ මහත්වරු ද රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

     

    HC/pmu_Pix by : Nishanka de Silva

     

    rajarata uni hostle opened by president 1

     

    rajarata uni hostle opened by president 2

     

    rajarata uni hostle opened by president 3

     

    rajarata uni hostle opened by president 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya