ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් මාතෘ භූමිය අනාගත පරපුර වෙනුවෙන් රැකගන්නවා

    නොවැම්බර් 23, 2014

    දෙස්විදෙස් කුමන බලවේග කි‍්‍රයාත්මක වුවද ඒවා පරාජය කළයුතු බවත් නිදහස් මාතෘ භූමිය අනාගත පරපුර වෙනුවෙන් රැකගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය.

    සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට විශ‍්‍රාම වැටුප් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රජරට විශ්වවිද්‍යාල ක්‍රීඩාපිටියේ දී පැවති උත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

     

    එදා ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ බෙදුම්වාදය පරාජය කොට රට ආරක්ෂා කරදෙන ලෙස බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වීරෝධාර රණ විරුවන් දිවි හිමියෙන් දිනාදුන් ඒ නිදහස පාවා දීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද රට අරාජික කිරීමේ දෙස් විදෙස් කුමන්ත‍්‍රණ තවමත් අවසන්ව නැතැයි ද අවධාරණය කළේය.

     

    අනාගත දරුවන් වෙනුවෙන් තම යුතුකම් නොපිරි හෙළා ඉටුකරන බවත් තමන් ලබාදුන් සියලු පොරොන්දු නොපිරිහෙළා ඉටුකර ඇති බව ද ජනතාව වෙත තැබූ එම විශ්වාසය ඉදිරියටත් අඛණ්ඩව ම සුරකින බව ද ජනාධිපතිතුමා පැවසීය.

    අද අපේ රටේ නිදහසත් සංවර්ධනයත් අහිමි කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ ම නායකයන් පටු දේශපාලන අරමුණු උදෙසා ඊට සහය දක්වන බව ද කියා සිටියේය.

    සිවිල් ආරක්ෂක බලකාය ස්ථිර සේවාවක් බවට පත් කර 20 වසරක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන්ට ද විශ්‍රාම වැටුප් අයිතිය ලබා දෙන බවට මහින්ද චින්තනයෙන් දුන් පොරොන්දු ඉටුකරමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් ඉදිකරන ලද නිවාස 271ක් ඔවුන්ගේ අයිතියට පවරාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    එම උත්සව සභාව වැඩිදුරටත් ඇමතූ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය නිමා කර රට සංවර්ධනය කරා යන ගමන ඉදිරියට ම ගෙන යමින් අනාගත දරු පරපුරට යහපත් හෙටක් ගොඩනැංවීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ද පෙන්වා දුන්නේය.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන්, අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, විමල් වීරංවංශ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වීරකුමාර දිසානායක, සරත් වීරසේකර, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

     

    HC/pmu

    President Addresses the member of Civil Defence Forces

     

    President Addresses the member of Civil Defence Forces 1

     

    President Addresses the member of Civil Defence Forces 2

     

    President Addresses the member of Civil Defence Forces 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya