ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සෝමාවතී පුදබිමේ අභිනව ධර්ම මන්දිරය ජනතා අයිතියට

    නොවැම්බර් 24, 2014
    ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සෝමාවතී පුදබිමේ ඉදිකෙරුණු අභිනව ධර්ම මන්දිරය ඊයේ (23) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
     
    නිපුන සහල් පුද්ගලික සමාගමේ කෝටි 10ක පූර්ණ ධන පරිත්‍යාගයෙන් අභිනව දෙමහල් ධර්ම මන්දිරය ඉදිකර ඇත. මෙය සියලු පහසුකම්වලින් සමන්විතය. 
     
    ඊයේ දහවල් සෝමාවතී පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් හි නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ද සෝමාවතී පුදබිමට රැස් ව සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය. 
     
    අමාත්‍ය සී.බී. රත්නායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, උතුරු මැදි පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE SOMAWATHI 1
     
     
    HE SOMAWATHI 2
     
    HE SOMAWATHI 3
     
    HE SOMAWATHI 4
     
    HE SOMAWATHI 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya