ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් කළ ලියැවිල්ල සභාගත කරන ලෙස කතානායක දැනුම් දෙයි

    නොවැම්බර් 24, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තෙවන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බව පවසා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා විසින් අද  අද (24) ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සභාගත කරන ලෙස දැනුම් දුන් කතානායක චමල් රාජපක්ෂ මහතා එය හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීම ගැන පසුව සලකා බලන බව පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන මතය විමසූ ලියවිල්ල හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යභාවය මෙන් ම එය සහතික කළ පිටපතක් ද යන්න විමසා බැලිය යුතු බව ද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහත්වරු මතු කළ  විරෝධය සැලකිල්ලට ගෙන කතානායකවරයා මේ බව දැනුම් දුන්නේය.

    මෙම තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 10 දෙනෙකු අත්සන් කර ඇති බව කියා නඩු තීන්දුව සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම තීන්දුව එම මන්ත්‍රීවරයාට ලැබුණේ කෙසේද යන්න සොයා බලන ලෙසත් ඉල්ලා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අස්වර් මහතා මෙය සොරකම් කර ඇති බව ද කීය.

    සොරකම් කළා නම් එයත් දක්ෂකමක් යැයි කී කතානායකවරයා දැනට අතේ ඇති පිටපත සභාගත කරන ලෙස ඉල්ලා සිටියේය.

    පිටු 29කින් සමන්විත අදාළ නඩු තීන්දුවේ පිටපත සියලු දෙනාට ම දැන ගැනීම සඳහා සභාගත කරන ලෙස ද අමරතුංග මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya