ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එළැඹෙන ජනාධිපතිවරණය අභියෝගයක් නො වේ - ජනපති

    දෙසැම්බර් 05, 2014
    එළඹෙන ජනාධිපතිවරණය තමාට අභියෝගයක් නොවන බවත් පසුගිය වර ලබාගත් වැඩි ඡන්ද ලක්ෂ 18 ඉක්මවා මෙවර වැඩි ඡන්ද ලක්ෂ 22කින් ජයග‍්‍රණය කරන්නට සුදානම් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සැමදා රැකගත්තේ සාමාන්‍ය ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිතුමා 2005 ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමා තමාට සත පහක වියදමකින් උදව් නොකළ අවස්ථාවේදී උපකාරයට සිටියේ බිම් මට්ටමේ සාමාජික පිරිස බවත් ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.
     
    ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන්නට ආවා නම් තමා ඔහුටත් කියන්නේ බොහොම හොඳයි, මගේ සුබපැතුම්, වැරදුණොත් අවශ්‍ය නම් ආපසු එන්න යැයි යනුවෙන් එදා ෆොන්සේකාට කී කතාව ම බව පැවසූ ජනාධිපතිතුමා තමා ඔහුට සුබපතන බවත් ප‍්‍රකාශ කළේය.
     
    එදා තමා ඔහු වෙනුවෙන් කළ කී දෑ සියල්ල අමතක කර දමා ඇති බව පැවසූ ජනාධිපතිතුමා යන්න අවශ්‍ය වූයේ නම් තමාට කියන්නට තිබුණු බවත් එසේ වී නම් තමා කිසි දිනෙක එපා යැයි නොකියන බවත් ප‍්‍රකාශ කළේය.
     
    තමා විශ‍්‍රාම යන්නේ මේ රටේ අනාගත තරුණ පරපුරට ස්ථාවර ගමන් මඟක් අනාගත දරුවන්ට ලෝකය ජයගත හැකි රටක් තැනීමෙන් අනතුරු ව බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (04) සවස පැවැති හමුවකට එක්වෙමිනි.
     
    රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වූයේ නම් අඩු ගානේ ඔවුන්ට කොළ පැහැයත්, පක්ෂ කාර්යාලත් තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා නමුත් තවමත් මේ අයට පාටක් පවා නැති බව පැවසීය.
     
    තමා රට යන විට ආරක්ෂක ඇමති තනතුර දුන්නේත් මෛතී‍්‍රපාල මහතාට බව පැවසූ ජනාධිපතිතුමා මේවා තමා කළ කෙණෙහිලිකම් දැයි ප‍්‍රශ්න කළේය.
     
    පක්ෂය දමා යන්නට එකම හේතුව විධායක ජනාධිපති ක‍්‍රමය නොවන බවත් එය පක්ෂයක් හැර දමා යාමට තරම් හේතුවක් නොවන බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    රටේ සංවර්ධනය පිළිබඳ කිසිවක් කියන්නට නැති අයට අද ඉතුරුව ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ හැක්කේ තමාට පමණක් බවත් ජනවාරි 08 වැනි දිනෙන් පසු එය වෙනස් කරනවා නම් කරන්නෙත් තමාම බවත් පැවසීය.
     
    මිලියන ගණන් මුදල් දෙන්නට උත්සාහ කළා යැයි එක් අයෙකු පවසන බව පැවසූ ජනාධිපතිතුමා වටිනාකමක් නැති අයෙකුට මුදල් දීමට තමාට අවශ්‍යතාවක් නොමැති බවත් අපේ අයට මුදල් දීමට සුදානම් වන අන්දම පිළිබඳ තමා ළඟ සාක්ෂි ඇති බවත් පැවසීය.
     
    මොන තරම් එහාට මෙහාට ගියත් නොසැලෙන්නැයි ඉල්ලා සිටි ජනාධිපතිතුමා අනුරත් චන්ද්‍රිකාත් මෙම පක්ෂය විටෙක හැර ගිය බවත් සිහිපත් කළේය.
     
     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya