ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රත්තරන්වලට වඩා වටිනා මාතෘ භූමියක් ජනතාවට උරුම කළා - ජනපති

    දෙසැම්බර් 05, 2014
    මේ රටේ ජනතාවටත් උපනූපන් දරු පරපුරටත් නිදහසේ ජීවත්විය හැකි; රත්තරන්වලටත් වඩා වටිනා මෘතෘ භූමියක් ගොඩනැගීමට වත්මන් රජයට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.
     
    බොරු ප‍්‍රචාරයන්ට නොරැවටී රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සැබෑ අවබෝධයකින් යුතු ව කටයුතු කරන ලෙස ද මෙහිදී ජනතාවට පැවසූ ජනාධිපතිතුමා මේ රටේ සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට රජය කැපවී සිටින බවද ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මානුෂීය මෙහෙයුම පැවති කාලසීමාව තුළ උතුරේ විවිධ ප‍්‍රදේශවල තිබී යුද හමුදාව විසින් සොයා ගන්නා ලද රන් භාණ්ඩ යළි ඒවායේ හිමිකරුවන්ට ලබාදීමේ අවස්ථාවට ඊයේ (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එක් වෙමිනි.
     
    වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය ප‍්‍රදේශවලින් මෙම රන් භාණ්ඩ සොයා ගැණුනු අතර එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදින් විසින් සාමාන්‍ය ජනතාවගෙන් පැහැර ගන්නා ලද රන් භාණ්ඩ මෙන්ම ජනතාව විසින් එල්.ටී.ටී.ඊ. බැංකුවල අධික පොලී යටතේ උකසට තබා සින්න වූ රන් භාණ්ඩද ඒ අතර වෙයි. හිමිකාරිත්වය තහුවරු කරගත් පුද්ගලයන් 2379 දෙනෙකුට මෙම රන් භාණ්ඩ භාරදීම ඊයේ සිදු විය.
     
    ත‍්‍රස්තවාදයෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල නැවත එම ජනතාවට ලබාදීමට රජය ක‍්‍රමානුකූලව කටයුතු කළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදය අවසන් කර වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ එම ප‍්‍රදේශවල විදුලිය, මහාමාර්ග, රෝහල්, පාසල් ඇතුළු සියලු යටිතල පහසුකම් ගොඩනැගීමට ද රජය කටයුතු කළ බව කියා සිටියේ ය.
     
    ත‍්‍රස්තවාදයක් ඇති රටක් සංවර්ධනය කළ නොහැකි බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදයෙන් සියලු දෙනාට පීඩනයක් මිස වාසියක් සිදු නොවන බව ද කියා සිටියේ ය. කුරිරු ත‍්‍රස්තවාදයෙන් උතුරේ සහ නැගෙනහිර ජනතාව නිදහස් කරගත් ආරක්ෂක හමුදාවන් එම ජනතාව වෙත සංවර්ධනය ගෙන යාමට ද සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
     
    මෙහිදී ද්‍රවිඩ බසින්ද එම ජනතාව ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේ උතුරේ සහ නැගෙනහිර පළාත්වල අහිංසක ද්‍රවිඩ ජනතාවගේත්, ඔවුන්ගේ දරුවන්ගේත් අනාගතය සමෘද්ධිමත් කළ හැකි සියලු වැඩපිළිවෙළ ඉදිරියට ද නොඅඩුවම කි‍්‍රයාත්මක කරන බවයි.
     
    යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya