ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පිටරටින් ගේන ඒවායේ මිල වැඩි කළ යුතුයි

    දෙසැම්බර් 12, 2014

    ගොවියාගේ ආර්ථිකය දියුණු කරනවා කියන්නේ මුළු ශ්‍රී ලංකාවේ දියුණුවක් සිදු වීම බවත් පිටරටින් ගේන ඒවායේ මිල වැඩි කිරීමෙන් ලංකාවේ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම නිසා රට දියුණු කර ගත හැකි බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 03ක් සඳහා පැවති විවාදයේ අදහස් දක්වමිනි.
     


    පිටරටින් ගෙන එන දේ අවම කරන්නයි මේ නියම ගෙන එන්නේ. මේවා කාලා නවතින්නේ නැතිව මේ අය රටත් කනවා වගෙයි මට පේන්නේ. ගොවි ජනතාව ආරක්ෂා කළ යුතුයි. පිටරටින් ගේන දේ කන්න බලාගෙන හිටියොත් රට දියුණු කරන්න බැහැ. විදේශයන්ගෙන් ගේන දේවල්වල මිල වැඩි කළ යුතුයි. විපක්ෂය සියලු දේ විවේචනය කරනවා. කිසිම දෙයක් විපක්ෂයට හොඳින් පේන්නේ නැහැ. නීතියක් ගෙනත් පරීක්ෂා කිරීම් සිදු කර වගා කළ යුතු දේ රජයෙන් නියම කරන්නට ඕනෑ.

     

    යාපනයේ විශාල වශයෙන් වගා කරනවා. සත්තු වගාවට හානි කරනවා. ඒවා නවතා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. රටේ නිෂ්පාදන වැඩිකිරීම රජයේ මෙන් ම විපක්ෂයටත් අයත් කාර්යභාරයක්. මැතිවරණයක් පවත්වන වකවානුවක ජනතාව රැවටීමට උත්සාහ කිරීම හොඳ නැති වුවත් ජනතාව එසේ රැවටෙන්නේ නැති බවත් ජයරත්න මහතා පැවසීය.

     

    දේශපාලන ක්ෂේත්‍රය අද තමන්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් යොදා නොගත යුතුයි. ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්න යනවා නම් එය විපක්ෂයේ කාර්යයක් නො වේ. රටේ ආර්ථික සංවර්ධනය සඳහා සියලු දෙනා එක්විය යුතුයි. පසුගිය කාලයේ මෙරට කර්මාන්ත විශාල ප්‍රමාණයක් වසා දැම්මත් ඒවා නැවත ඇති කරන්න වැඩපිළිවෙළක් සකස් කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ලබන 08 වෙනිදායින් පස්සෙත් මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya