ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අඳුරු යුගය අවසන් කර රට බේරාගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි

    දෙසැම්බර් 12, 2014

    රට බෙදන ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් ඉදිරිපත් කළේ කුමාරණතුංග මහත්මිය බවත් අඳුරු යුගය අවසන් කර රට බේරාගැනීමට කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 03ක් සඳහා පැවති විවාදයේ අදහස් දක්වමිනි.

     

    මේ රටේ ආර්ථිකය කාබාසිනියා කර රට ආපස්සට ගෙන ගියේ ඉදිරි රජයක් මෙහෙයවීමට කැසකවන චන්ද්‍රකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදීයී. බණ්ඩාරනායක, රාජපක්ෂවරුන් යටතේ ප්‍රගතිශීලී ගමනක් ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට අධිරාජ්‍යවාදීන් යොදා ගත්තේ කුමාරතුංග මහත්මියයි. අද එතුමාගේ පාලනය පෙරළා දැමීමට අධිරාජ්‍යවාදීන් සූදානම් වෙනවා. ජනාධිපතිතුමාව මහජන බලවේගයකින් පරාජය කරන්න බැරි නිසා කුමාරතුංග මහත්මිය ඉදිරියට ගෙනවිත් තිබෙනවා යැයි ඔහු කීය.

     

    පලිගැනීමේ ක්‍රියාවලියක ඇය යෙදී සිටින්නේ පොදු අපේක්ෂකයා හරහායි. එතුමියගේ ගමන් මග එදත් පැවතියේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ගමන් මගක්. චන්ද්‍රිකා තමන්ගේ අරමුණු වෙනුවෙන් විජයත් බිල්ලට දුන්නා. ඔහු ව කොටි සමඟ සාකච්ඡා කිරීමට යැවීමෙන් වෙනත් බලවේගවලට ඔහු ගොදුරු වුණා. ජාතික ප්‍රතිපත්තිය විජාතීකරණය කළේ 2001දී චන්ද්‍රිකා විසින්. 2001 සටන් විරාම ගිවිසුම අත්සන් කළෙත් චන්ද්‍රිකාගේ වුවමනාවටයි. මේ රටේ පාවාදීමක් සිදු වුණා නම් ඒ මේ සටන් විරාම ගිවිසුම මඟිනුයි. ලෝක අර්බුද පැවති අවස්ථාවේ මේ රටේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මේ මහින්ද රාජපක්ෂ මහතා ජනමූල නායකයෙක්. එතුමාව පරදවන්න බැරි බවත් එදා රටට යහපතක් කළ, රට බේරා ගත් රණ විරුවන් වෙනුවෙන් කොටි ඩයස්පෝරාවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ඉදිරියේදීත් මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට අයුරින් පත් කරමු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya