ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනතා විශ්වාසය කඩ කරන්නේ නැහැ

    දෙසැම්බර් 13, 2014
    මේ රටේ ජනතාව වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් කඩවීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
     
    විනයගරුක හා සදාචාරවත් සමාජයක් රට තුළ ඇති කරමින් සියලු දෙනාට එකට ජීවත්විය හැකි සුරක්ෂිත රටක් ගොඩනඟන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් රත්තොට ගනේතැන්න ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ ජනතාව හමු වෙමිනි.
     
    අද පෙරවරුවේ ගනේතැන්න ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් හි නිරත විය.
     
    අනතුරුව ජනාධිපතිතුමා පූජ්‍ය කූරිවෙල සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසූ අතර උන්වහන්සේ ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ජනාධිපතිතුමා පිළිගන්නට විහාරස්ථානය වෙත රැස්ව සිටි අතර එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කථාබහක නිරත විය.
     
    මේ රටේ තරුණ පරපුර දෙමාපියන්ට සලකන, වැඩිහිටියන්ට ගරු කරන පන්සල, පල්ලිය, කෝවිලට යන තරුණ පිරිසක් ලෙස ගොඩනැඟිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන, සංවර්ධනය කළා සේ ම සදාචාරවත් හා විනයගරුක රටක් ගොඩනැඟීමට ද රජය කැපවී සිටින බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    රත්තොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක බන්දුල යාලේගම මහතා ඇතුළු පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB/ (Pix By : Sudath Silva)
     
    HE ratthota 1
     
     
    HE ratthota 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya