ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනාගත දරුවා හරහා ලෝකය ජයගැනීම අපේ අරමුණයි

    දෙසැම්බර් 13, 2014
    ත්‍රස්තවාදයට බියෙන් පාරක තොටක ගමන් කිරීම බැරි තරමේ අඳුරු යුගයක් පසුගිය කාලවකවානුවේ දී අප සතුව පැවැති බවත් 2009 වසරේ ත්‍රස්තවාදය නිමා කොට සාමය උදා කළාට පස්සේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් මෙන් ම බියෙන් හා සැකයෙන් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැඟී තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) මාතර සුදුවැල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවක සහභාගි වූ අවස්ථාවේ දී ය.
     
    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ලබාදීම හරහා දරුවන් අධ්‍යාපනයෙන් පෝෂණය කිරීමට බලාපොරොත්තුවන බවත් පෙන්වා දෙන ජනාධිපතිතුමා තමන්ට අවශ්‍ය දරුවන් බෝට්ටුවේ නැග්ගවීමට නො ව වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් කිරීමට බවත් පෙන්වා දුන්නේය.
     
    දරුවා අධ්‍යාපනය හරහා ශක්තිමත් කරමින් ලෝකය ජයග්‍රහණය කිරීමට හැකි පුද්ගලයෙකු බවට පත්කිරිම වත්මන් රජයේ අභිලාෂය බවත් කී ජනාධිපතිතුමා ඒ සඳහා ලබාදිය හැකි සෑම උදව්වක් ම ලබාදීමට පියවර ගන්නා බවත් කීය.
     
    සුදුවැල්ල ධීවර වරාය එක්තරා යුගයක සිහිනයක් ව පැවැති අතර ම ධීවර අමාත්‍යවරයා ලෙස මේ සඳහා මුල්ගලක් නොතිබූ එකම අමාත්‍යවරයා ද තමන් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා මෙම වරාය සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කළේ ද වත්මන් ආණ්ඩුව බවත් පෙන්වා දුන්නේය.
     
    සුදුවැල්ල ධීවර වරාය සංවර්ධන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 200ක් අවශ්‍යය බවත් එම මුදල් ද ලබාදෙමින් ඉදිරියේ දී මෙම වරාය අංගසම්පූර්ණ වාරායක් බවට පත් කකිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.
     
    වර්තමානයේ ධීවර ජනතාවට සහන සැලසීමට වගේ ම තම නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් ලබාදීම සඳහා බොහොම පැහැදිලි නියෝග නිකුත් කොට තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
     
    අමාත්‍ය වන ඩලස් අලහප්පෙරුම, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න,  නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB/ Pix By : Udesh Gunarathna

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya