ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අවස්ථාවාදී අරමුණු පරාජය කිරීමට එක්වෙමු

    දෙසැම්බර් 13, 2014
    විධායක ජනාධිපති ක්‍රමයේ නරකත්, වංචා දූෂණත් ඇතැමුන්ට පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ රජයෙන් ඉවත් වූ පසු ව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.
     
    ඉදිරියේ දී ජනාධිපතිවරණයක් නොතිබුණා නම් ඔවුන්ට තවත් එම අඩුපාඩු නොපෙනෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අවස්ථාවාදී පිරිස්වල මෙම අරමුණු පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතු බවද අවධාරණය කළේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (13) මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් නාවුල ප්‍රදේශයේ දී එම ජනතාව හමු වෙමිනි. 
     
    නාවුල නාලන්දා වත්තේ පැවැති මෙම හමුවට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුහු එහි පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ව මහත් හරසරින් යුතු ව පිළිගත්හ.
     
    එම ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතාබහක නිරත විය.
     
    වැඩිදුරටත් එම ජනතාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ බොරු චෝදනාවලින් රටක ගමන ආපසු හැරවිය නොහැකි බවයි. මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බව පැවසූ ජනාධිපතිතුමා එම ජනතාව නොමඟ යැවීමට කිසිදු වැඩපිළිවෙළකට නොහැකි බවද පෙන්වා දුන්නේය.
     
    ප්‍රදේශයේ මහා සංඝරත්නය විශාල පිරිසක් ද මෙහි වැඩම කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ අතර මාතලේ අධිකරණ සංඝනායක පූජ්‍ය මහල්කොටුවේ විමලධර්ම හිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් ද සිදු කළහ.
     
    නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB/ Pix By : Sudath Silva
     
    HE nawla 1
     
    HE nawla 2
     
    HE nawla 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya