මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්රයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 315ක ආදායමක් උපයාගෙන තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලනික හා සාමාජීය වශයෙන් මිත්‍රත්වය ගොඩනැංවීම සඳහා කඩිනමින් අවධානය යොමුකොට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තුවේ පාර්ලිමේන්තුව අතර නව පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ඇති කරීමට තීරණය කෙරේ.
ලාඕස මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ කොන්සල්වරියවන, මනිලායි තිපලන්සි මහත්මිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (17) හමු විය.
අක්රමිකතාවයට දායක වන සියලු දෙනාට කිසිදු දේශපාලන, පක්ෂ පාට, තරාතිරමකින් තොරව සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.