යම්කිසි පුද්ගලයෙකු බලහත්කාරයෙන් අතුරුදහන් වී ඇත්නම් හෝ අතුරුදහන් කරවා ඇත්නම් එම පුද්ගලයාගේ ළඟම ඥාතීන්ට ඒ පිළිබඳව විස්තර දැනගැනීමට අයිතියක් තිබෙන බවත්, එය ඥාතීන්ට දැන්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ වගකීමක් තිබෙන බවත්, එම ජාතික වගකීම තහවුරු කිරීම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පරමාර්ථය වන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කටුලන්ද මහතා අද (23) ප්‍රකාශ කළේය.
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) එංගලන්ත බලා පිටත්ව යනු ඇත.
කළුතර ගල්ලස්ස විශේෂිත මාතෘ හා ළමා රෝහලේ ප්‍රතිකාර සේවාවන් ලබන ඔක්තෝම්බර් මැද වන විට ආරම්භ කිරීමට අවශය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා (22) සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.