සීතාවක අවිස්සාවේල්ල වියදම් අඩු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයිනපුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
මුදලට සීමා නොවී සිය ධනය, ශ්‍රමය, කාලය වැය කරමින් රෝගීන් සුවපත් කිරීමෙහි ලා කෘතහස්ත මෙහෙවරක් ඉටු කරනු ලබන ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමේ “හෙළ වෙද රුවනාර” දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව 2023 අගෝස්තු 03 සහ 04 එනම් අද සහ හෙට යන දෙදින මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.07.31 දින අත්අඩංගුවට ගෙන තිබේ.