නොරොච්චෝලේ බලාගාරය විදෙස් සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු සූදානමක් නැතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
" Industry 2023 " ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ නිෂ්පාදන ආයතන 26 ක දේශීයව එකලස් කළ වාහන 150 කට අධික ප්‍රමාණයක් සහිත දැවැන්ත ' ජාතික වාහන පෙරහැර ' කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (21) පැවැත්විය.
ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හට විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් (21) ඉදිරිපත් කරන ලදි.