මෙරට මූල්‍ය විනය ශක්තිමත් කරමින් රාජ්‍ය මූල්‍ය සඳහා නිසි වගවීමක් ඇති කිරීම, අයවැය කාර්යාලය පනතින් බලාපොරොත්තු වන බවත් ,මෙවැනි අනපනත් රටක් තුළ ක්‍රියාත්මක වීමෙන් රටවල් අර්බුද කරා යාම වැලැක්වෙන බව, වැඩ බලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමෙන්,පාර්ලිමේන්තුවවේ මූල්‍ය වගකීම තවදුරටත් ශක්තිමත් වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ගොවින්ට පොහොර වවුචර්පත් හා පොහොර සම්බන්ධ ගැටලු පැමිණිලි කිරීමට තවත් දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.