ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගැනීම සඳහා නියමිතව සිටි හෝටලයට අතුලු කිරීමේ (Check-In) ක්‍රියාවලියේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.
නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කයන්හි රෝගී රෝහල්හි පවතින ගැටලු, අඩුපාඩු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ පසුගිය දිනවල විශේෂ නිරීක්ෂණයක නිරත විය.
ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ සංසදය මගින් ප්‍රකාශයට පත් කරන,''මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන '' ග්‍රන්ථයේ නවවැනි වෙළුම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම (12) කථානායක නිල නිවසේ දී සිදු කෙරිණි.
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (12 දින) නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.