මෙතෙක් TSP පොහොර ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 ට පෙර ඒවා ලබා ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපරේතමේන්තුව ඉල්ලා සිටී.එසේම මෙම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රමුඛව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස්රථ හා එකතුව හෙට (07) සිට 18 වන දා දක්වා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මේ බව ප්‍රකාශ කළේය.
රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී සාකච්ඡා කෙරිණි. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (අප්‍රේල් 05) කොළඹ වරායේ දී SLINEX-23 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වන ඉන්දීය නාවික නෞකා නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.