සීගිරිය ආරක්ෂා කිරීම සඳහා සී. සී. ටී. වී කැමරා පද්ධතියක් සවි කිරීම සඳහා වැඩපිළිවෙලක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට සිදු කර ඇතැයි කියන තර්ජනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ විසිදෙවැනි වෙන් කළ දිනය අදට (07) යෙදී තිබේ.
යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ව්‍යාපෘති රාශියක් ඉදිරි වසරවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් උතුරේ මෙන් ම නැඟෙනහිර දෙමළ ජනතාව සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.