ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ 'කොළඹ නාවික අභ්‍යාසය - 2023' (Colombo Naval Exercise - CONEX 23) කොළඹ වරාය පරිශ්‍රයේදී සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 පෙබරවාරි මස 06 වන දින සිට 12 වන දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි අවසන් අභ්‍යාසය අධීක්‍ෂණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සිට සිදු කෙරිණි.
අර්තාපල් වගා කරන මෙරට ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාවත් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් සිදු කරන අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
නැගෙනහිර පළාතේ ඉදිරි පස් වසර සදහා වන සංවර්ධන උපාය මාර්ගික සැලසුම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.තමිල්චෙල්වම් මහතා විසින් පසුගියදා පළාත් ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මියට ප්‍රදානය කළේය.
කොරියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡවක් කොරියානු තානාපති Woonjin Jeong මහතා සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් අතර බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ දී පසුගිය (09) දා පැවැත්විණි.