මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන( පෙර පසල්) පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජතික සංගණනයක් සිදු කෙරෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පැවසුවාය.
තොරතුරු දැනගැනීමේ පනත මඟින් මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදිය හැකි බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බවත් මේ පනත හරහා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් ශක්තිමත් වන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
දෛනිකව ඉහළ යන මාර්ග අනතුරු අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පලිත මහීපාල මහතා පවසයි.
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින් 3259 දෙනෙකු වෙනුවෙන් රක්‍ෂණ වන්දි වශයෙන් පසුගිය වසර එක හමාර තුළ එනම් 2015 ජනවාරි සිට 2016 මැයි දක්වා කාලය තුළ රුපියල් විසි එක් කෝටි විසි අට ලක්‍ෂයක් (රු212,873,696.00 ගෙවා තිබේ.