නිවාස පිළිසකර කිරීම කඩිනම් කිරීමට උපදෙස්-
හානියට පත් ජනතාවට මූලිකව රුපියල් 50,000ක දීමනාවක්-
කොස්ගම, සාලාව පිපිරීම සහ ජනතාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවත්, සිදු කෙරෙන විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදීමට මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් කිසිවෙකු බහත්කාරයෙන් විශ්‍රාම ගැන්වීමක් නොකරන බවත් කිසිදු ආකාරයකින් පුද්ගලීකකරණය නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අපි පිරිසිදු පාලනයක් ගෙන යනවා.විශ්වාසභංග කාලසීමාව තුළ ලැබුණු උදව්, ශක්තිය සහ ඡන්දය ඉතාමත් අගය කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම ජාතික ආණ්ඩු සංකල්පයේ ජයග්‍රහනයක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ය.