ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර ආධාර ලැබෙමින් තිබෙනවා.ජනතාවට ආධාර ලබාදෙන්න කටයුතු කරනවා.ආපදාවට ලක්වූ තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථානවල සිටිනවා. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් වුණේ නෑ.ආණ්ඩුව  කිසිම දෙයක් කළේ නෑ කියලා කියන එක වැරදියි.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට මුදල් ලබාදී තිබෙනවා යැයි
    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    ආපදා තත්ත්වයට ගොඳුරු වී නිවාස අහිමි වූවන්ට අවශ්‍ය නිවාස ලබාදීමට කටයුතු කරන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ සියලු ජනතාවට තම කණගාටුව පළ කරන බව සියලු දෙනාම මේ අවස්ථාවේ එකට එකතු වී කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කිසිම කෙනෙකුට ඇඟිල්ල දිගුරකිමින් දේශපාලනය කිරීම සුදුසු නති බවත් මේ විපත්වලින් වැඩියෙන්ම පහර වැදුණේ දරුවන්ට බවත් මේ අවස්ථාවේදී ලබාදිය යුතු සහාය ලබාදනෙ බවත් හිටපු ජනාධිපති,කුරණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya