ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ සතිය ජනවාරි 25 දින සිට ඇරඹේ.
යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස විදෙස් විනිසුරන් හෝ අධිකරණ ක්‍රියාවලියක හෝ මැදිහත් වීමක් හෝ විශේෂඥයන් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හෝ වසර 05 කින් එන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව නොසිතා පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් නිසි කලට අකුරටම ඉටු කිරීමට කැපවන ලෙසද ජනාධිපතිතුමා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
ජපන් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපාන වානිජ බැංකු ශාඛාව පිහිටුවිම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.