''තිරසර භාවිතය-සුරකියි මිහිතල '' යන තේමාව යටතේ පැවැත්වෙන 2015 වසර ''ලෝක පරිසර දින සැමරුම් ජාතික උත්සවය '' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි 05 දින පෙ.ව. 9.30ට පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පූජා භූමියේ දී පැවැත්වීමට නියමිතය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්
අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනයේ නිරත මෙරට ප්‍රමුඛතම සමාගමක් වන සෝලාස් මැරයින් ලංකා සමාගමේ (Solas Marine Lanka (Pvt) Ltd) නිෂ්පාදන අංගනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
ඉන්ෆ්ලුවන්සා පැතිර යාමේ අවධානම හේතුවෙන් මහජනතාව ගැවෙසෙන පූජා භූමිවල සහ දන්සැල් ආශ්‍රිත ස්ථානවල ගැවසීමේ දී තම සෞඛ්‍ය ආරක්ෂව පිළිබඳව සැළකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වෙන දන්සැල් 8,023ක් මේ වනවිට ලියාපදිංචි වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.