බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන් ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්ෆ්ලුවන්සා ආසාදනයෙන් ගැබිණි මව්වරුන්ට බරපතල ප්‍රතිඵල අත්වීමේ ඉඩකඩ තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
කණිෂ්ඨ කාර්යමණ්ඩල විසින් ගෙන යන වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු වලට බලපැමක් සිදුව නොමැති බවත් නැවත රෝහල්වල සේවා සඳහා වාර්තා කරන ලෙස වර්ජනයේ යෙදී සිටින සියලු සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.
ඉන්ෆ්ලුවන්සා ආසාදනය පැතිරෙමින් පවතින බවත් එය කුරුළු උණ නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
