ශ්‍රී ලංකාවේ පළාත් අටක එක් පළාතකින් පරිසර නියමුවන් 100ක් සම්බන්ධකරගනිමින් පරිසර දින සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය බලාපොරොත්තු වෙයි.
තිරසර භාවිතය-සුරකියි මිහිතල යන තේමාව යටතේ පැවැත්වෙන් 2015 වසරේ ලෝක පරිසර දින සැමරුම් ජාතික උත්සවය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි 05 අද පෙ.ව. 9.30ට පොළොන්නරුව,මැදිරිගිරිය වටදාගෙය පූජා භූමියේ දී පැවැත්වීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
පරිසර හිතකාමී දැයක් උදෙසා වන තොරතුරු ඇතුළත් පරිසර ප්‍රදර්ශනයක් පොළොන්නරුව, මැදිරිගිරිය, ජාතික පසලේ දී පැවැත්වීමට නියමිතය.
නැඟෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වලට අද (04) අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.