2015 වර්ෂයේ ගත වූ මාස 4 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 13,423 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
පවතින වර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් ඩෙංගු රෝගය බෝ වන ස්ථාන පරික්ෂා කිරීමට නැවත අවධානය යොමු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධරීන්ගේ සංගමය පවසයි.
වතු ජනතාවගේ ජීවන තත්වය නැංවීමට 10 අවුරුදු සැලැස්මක් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය මඟින් සම්පාදනය කිරිම ආරම්භ කළ බව වතූ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
30 වසරක ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකේය ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ නංවාලමින්, යටිතල පහහුකම් සංවර්ධනය කරමින් අපේ මාතෘ භුමිය ආලෝකමත් කිරිම සඳහා වැඩකරන ජනතාවගේ ශක්තිය අත්‍යාවශ්‍ය බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මැයි දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
