පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා, නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවයේ රැකියා සදහා සුදුසුකම් ලැබූ රැකියා අපේක්ෂකයන් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 30 දින සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස් වරයා වු මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා අභාවප්‍රාප්ත වී අදට (ඔක්තෝබර් 04) 50 වසරක් සම්පූර්ණ වේ.