IMF විධායක කමිටුවේ අනුමතිය ලැබුණු පසු ඒ පිළිබඳ අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා - කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි.
ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග අද (22) පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනිණි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන මාධ්‍ය අධ්‍යනය හා පුවත්පත් කලාව - ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වන කණ්ඩයම සහ පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය රාජගිරිය බැංකු විදු පියස ආයතන පරිශ්‍රයේදී අද (22) සිදු කෙරිණ.