ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය වොල්ට්‍රිම් ග්‍රමසේවා වසමට කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක්

    මාර්තු 09, 2015

    නුවරඑළිය වොල්ට්‍රිම් ග්‍රාමසේවා වසම සහ ඒ ආශ්‍රිතව දිවි ගෙවන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් කෙරුණු කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය පසු ගිය 06 දා විවෘත කරන ලදී.

    මෙහි මූලික ම අරමුණ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධනය කර ඔවුන්ගේ ජීවිත අන් අයට බරක් නොවන පරිදි ස්වාධීන මාවතක් ඔස්සේ හැඩගැස්සීම යි.

     

    වටවල වැවිලි සමාගම මේ සඳහා ගොඩනැගිල්ලක් පරිත්‍යාග කල අතර පීඩ්සෝ රාජ්‍ය නොවන ආයතනය විසින් මෙහි ගුරුවරුන් පුහුණ කරන ලදී. මේ සඳහා වර්ඩ් විෂන් ආයතනයද සක්‍රීය දායකත්වය දැක්වූ අතර සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතියට අදාළ සම්බන්ධීකරණ දායකත්වය දැක්වීය. මේ වන විට මෙම මධ්‍යස්ථානයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 60කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටී.

     

    මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මිය, ජ්‍යෙෂ්ඨ වතු අධිකාරී වනිගතුංග මහතා සහ වටවල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටිය හ.
    MAP/SH_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya