ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රිය අනතුරු හා මාර්ග නීති සම්බන්ධව මාතර රජයේ නිලධාරිණියන් දැනුවත් කෙරේ

    මාර්තු 09, 2015

    ‘කාර්යක්‍ෂම සේවාවක් සඳහා දිරියෙන් ඉදිරියට’ මැයෙන් මාර්තු 08 දිනට යෙදුණු 105 වන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රිය අනතුරු හා රිය අනතුරු වැළැක්වීම පිළිබඳව මාතර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරිණියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේදී මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීණි.

    මෙම වැඩසටහන දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය සංවිධානය කරන ලදි.

     

    මෙහි දී අදහස් දැක්වූ මාතර දිස්ත‍්‍රික් ලේකම් තුමිය ප‍්‍රකාශ කළේ මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමේ දී අන් අයගේ ජීවිත පිළිබඳව අවධානමක් නොගෙන සිහිකල්පනාවෙන් හා දැඩි අවධානයකින් යුතුව තම වාහනය ධාවනය කළයුතු බවයි.

     

    එදා කාන්තාවට වඩා අද කාන්තාව විශාල අභියෝගයන් මැද ඉදිරියට විත් සමාජයේ සෑම ක්ෂේත‍්‍රයක ම වගකීම් දරමින් කටයුතු කරන බවත් ඔවුන් බොහෝ දෙනෙක් කිසියම් හෝ වාහනයක් ධාවනය කිරීම සිදුකරන බැවින් බොහෝ ම ප‍්‍රවේශමෙන් සුරක්‍ෂිතව එය සිදු කිරීම ඉතා වැදගත් බවත් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මාතර දිස්ති‍්‍රක් අධ්‍යක්‍ෂ සිරිල් කේ. ලියනගේ මහතා අවධාරණය කළේ ය.

     

    රිය අනතුරු බහුලවීම හා රිය අනතුරු වැළැක්වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාතර පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සුදත් රණසිංහ මහතා හා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එල්. ජී. ගුණරත්න මහතා සම්පත් දායකත්වය සපයන ලදි.

     

    මාර්ග නීති හා යතුරුපැදි නඩත්තුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාතර දිස්ති‍්‍රක් ප‍්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක එන්. කෝදාගොඩ මහතා සම්පත් දායකත්වය සපයන ලදි.

     

    මෙම වැඩසටහන ඉදිරියේ දී මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි පැවැත්වීමට කටයුතු කරන බව මාතර දිස්ති‍්‍රක් දිවිනැගුම සම්බන්ධීකරණ නිලධාරී ඩබ්. එම්. ටී. බණ්ඩාර මහතා පැවසී ය.

     

    මේ අවස්ථාවට මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ හා මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යතුරු පැදි ලාභී නිලධාරිණියන් 300 ට ආසන්න පිරිසක් සහභාගි වූහ.
    MAP/TI_dmu_matara

    matara women 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya