ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද ප්‍රධාන අමාත්‍ය සතිපොළේ නිරීක්ෂණ චාරිකාවක

    මාර්තු 11, 2015
    අක්කර හතරක් පමණ විශාල අනුරාධපුර නගරයේ වටිනාම බිම් කඩක පිහිටා ඇති සතිපොළ වඩාත් ඵලදායී ලෙස යොදා ගනිමින් වෙළෙඳ මහතුන්ටත් පාරිභෝගික ජනතාවටත් යහපතක් වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා පැවසීය.
     
    ඊයේ (10) පස්වරුවේ අනුරාධපුර සතිපොළේ නව ඉදිකිරීම් කටයුතු පිළිබඳ ව නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුව නගරසභා ශ‍්‍රවණාගාරයේ පැවැති රැස්වීමක දී ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය. 
     
    තවදුරටත් අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, අද පාරක් හදා නොදුන්නොත් ටයර් පුච්චලා විරෝධතා දක්වනවා. ඒ වාගේ කෑ කෝ ගහලා ප‍්‍රශ්න විසඳන්න බැහැ. විශේෂයෙන්ම සතිපොළේ සනීපාරක්‍ෂක කටයුතු ගැන මහ නගර සභාව සැලකිලිමත් වෙන්න  ඕනෑ. මාළු වෙළෙඳපොළ වාගේ තැන් මහජන සෞඛ්‍යයට ඍජු බලපෑම් ඇති කරනවා. මේ පොළ සංවර්ධනයේ දී කාටවත් අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වාගේම කාටවත්  ඕනෑ විදිහට කටයුතු කරන්නත් බැහැ. නිසි තාක්‍ෂණ ඇගයීමකට අනුව නිසි ප‍්‍රමිතියකට අනුකූලව මේ කාර්යය කළ යුතු යැයි ඔහු පැවසීය.
     
    NDH
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya