ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාපනය ශාන්ත හෙන්රි විද්‍යාලයේ සිසුන් සඳහා හමුදාවෙන් පැසිපන්දු පිටියක්

    මාර්තු 11, 2015
    යාපනයේ සිටින යුද හමුදා භටපිරිස් විසින් යාපනය, ඉලාවලෙයිහි ශාන්ත හෙන්රි විද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා කෞශල්‍යතා නැංවීමේ අරමුණින් යුතුව එම විද්‍යාලයට පැසිපන්දු (බාස්කට්බෝල්) පිටියක් ඉදිකර දී ඇත. මෙම පැසිපන්දු පිටිය එම විද්‍යාලය වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙම පැසිපන්දු ක්‍රීඩා පිටිය මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය පරිත්‍යාගශීලීන්ගේ මුල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකරනු ලැබූ අතර මේ සඳහා ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දායකත්වය 14 වන ගැමුණු හේවා බලකාය විසින් සපයන ලදී.
     
    මෙම විවෘත කිරීමේ අවස්ථාවේ දී යාපනය ඒන්ජල්ස් ජාත්‍යන්තර පාසල හා යාපනය හින්දු විද්‍යාලයේ බාස්කට් බෝල් කණ්ඩායම් අතර ප්‍රදර්ශණ තරගයක් ද සංවිධානය කර තිබුණි.
     
    මෙම අවස්ථාව සඳහා ජේ.ඒ. ජෙසුදාසන් (J.A. Jesuthasan) පියතුමා හා විද්‍යාලීය විදුහල්පතිතුමා ද, පණ්ඩතිරිප්පු ක්‍රිස්තියානි දේවස්ථානයේ එස්. යුජීන් (S. Eugene) පියතුමා, ඉලාවලෙයි කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනිය එස්. ජයනායගී (S. Jayanayagi) මහත්මිය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් විශාල සංඛ්‍යාවක් ද සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya