ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තෙල් සහනාධාරය අහිමි වූ ධීවර යාත්‍රාවලට VMS පද්ධති සහ ධීවර ආම්පන්න නොමිලේ

    මාර්තු 12, 2015
    හම්බන්තොට ප්‍රදේශයේ ධීවර වරායන් හි පවතින තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක යෙදිණ.
     
    මෙහිදී අමාත්‍යවරයා තංගල්ල ධීවර වරායේ කටයුතු සොයා බැලූ අතර එහිදී එම වරායේ තත්ත්වය උසස් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් සාකච්ඡාවට බඳුන් කෙරිණි.
     
    පසුගිය රජය ගොඩනගන ලද අවිධිමත් තත්ත්වයේ  ගොඩනැගිලිවල උපයෝගිතාව ඉහළ දැමීමට කටයුතු කරන ලෙස දැන්වූ අමාත්‍යවරයා, බෝට්ටු අලුත්වැඩියා කටයුතු සඳහා එම ගොඩනැගිලි උපයෝගී කර ගැනීමට ඇති හැකියාව සොයාබලන ලෙස ධීවර වරාය නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
     
    පසුගිය රජය කාලයේ කපාහරින ලද ධීවර තෙල් සහනාධාරය වෙනුවට බහුදින යාත්‍රා සඳහා VMS පද්ධති නොමිලේ ලබාදීමට සහ සුළුපන්න ධීවර කාර්මිකයන් සඳහා ධීවර ආම්පන්න නොමිලේ ලබාදීමට ද අමාත්‍යවරයාගේ යෝජනාව පරිදි සියලු කටයුතු සුදානම් කර ඇති පැවසීය.
     
    ධීවර ප්‍රජාවට බෙදාදීමට තිබූ දැල් ආම්පන්න ගබඩා සංකීර්ණවල ගොඩගසා තිබූ බව පැවසූ අමාත්‍යවරයා විසින් එම දැල් ආම්පන්න හැකි ඉක්මණින් පක්ෂ භේදයකින් තොරව ධීවර කාර්මිකයන්ට බෙදාදෙන ලෙස නියෝග කරන ලදී.
     
    මෙහිදී ඉන්ධන සහනාධාරය ලබාගැනීමට හිමිකම් නොලැබූ, එන්ජිම රහිත පාරම්පරික (NTRB) මුහුදු යාත්‍රා 562කට රුපියල් 25,000ක් වටිනා දැල් ආම්පන්න, පිටත සවිකරණ එන්ජිම සහිත යාත්‍රා 250කට රුපියල් 112,500ක් වටිනා දැල් ආම්පන්න, පිටත සවිකරණ එන්ජිම සහිත පාරම්පරික (MTRB) යාත්‍රා 40කට රුපියල් 112,500ක් වටිනා දැල් ආම්පන්න හා එන්ජිම රහිත පාරම්පරික කලපු (NTRB) යාත්‍රා 368කට රුපියල් 11,000ක් වටිනා දැල් ආම්පන්න ලබාදීමද, නුදුරු දින කිහිපයක කාලය තුළ සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya