අනුරාධපුර දිස්ත‍්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය විසින් සංවිධාන කළ ව්‍යාපාරිකයන් ඇගයීමේ වර්ණ රාත‍්‍රිය පසුගිය 12 වැනි දින රාත‍්‍රියේ පැවති අතර එහිදී අනුරාධපුර ව්‍යාපාරික ප‍්‍රජාව ඇමතූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමට හා ඔවුන්ගේ ව්‍යපෘති ඵලදායිතාව නගාසිටුවීම සඳහා රජයට විශාල කාර්යභාරයක් පැවරෙනවා. රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් සුවිශාල මෙහෙවරක් සිදුවෙනවා. කෘෂිකාර්මික හා වාණිජ අංශවලින් රටේ සංවර්ධනය ගොඩනැගීමේදී මේ සියලු ව්‍යසායකයන් කරනු ලබන මෙහෙවර නිරන්තරව ඇගයීමට ලක්විය යුතුය. පෞද්ගලික අංශය ප‍්‍රවර්ධනය කිරීමේ දී ව්‍යාපාරයේ හිමිකරුවන් මෙන්ම ශ‍්‍රමිකයන් ගැන ද විශේෂ අවධානයක් යොමුකල යුතු වෙනවා.
රටේ සංවර්ධනය සමඟ ම පෞද්ගලික අංශයයේ රැකියා සැපයීමෙන්ද ව්‍යවසායකයන් රටට කරන්නේ අගනා සේවාවකි. අපේ රටේ අපට ම අනන්‍ය වූ දේශීය කර්මාන්ත රාශියක් තිබුණා. ඒත් විජාතික ආක‍්‍රමණ හේතුවෙන් අපේ කර්මාන්ත අපෙන් දුරස් වී ගියා. බොහෝ කාලයක සිට සිදුවන්නේ අපේ රටේ නිෂ්පාදන කළ හැකි බොහෝ දේවල් ආනයනය කිරීමයි. සරුංගලය පවා පිටරටින් ගෙන්වීමට තරම් අපේ කර්මාන්ත කුසලතා බිඳවැටිලා. මෙහිදී දේශීය ව්‍යවසායකයන් අපේ රට තුළ නිෂ්පාදනය කිරීම වැඩි වැඩියෙන් සිදුවුනහොත් අපේ දේවල වටිනාකම ජාත්‍යයන්තරයට ගෙන යා හැකියි.
අපේ ව්‍යාපාරිකයන් එම ක්‍ෂේත‍්‍ර කෙරෙහි වැඩි වැඩියෙන් යොමුවිය යුතුයි. අනුරාධපුරයෙ හි වාණිජ ප‍්‍රජාව ජාතික වශයෙන් කරනු ලබන මෙහෙවර පිළිබඳ අපේ ප‍්‍රශංසාව හිමිවිය යුතුයි. උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගරය වන අනුරාධපුර වාණිජ ප‍්‍රජාව විසින් රටේ සංවර්ධනයට කරනු ලබන ජාතික මෙහෙවර අගයමින් වාර්ෂිකව පවත්වනු ලබන මෙවැනි වර්ණ රාත‍්‍රි තුළින් අපේ වාණිජ ප‍්‍රජාව දිරිගැන්වීම ගැන අනුරාධපුර දිස්ත‍්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයට අපේ ප‍්‍රශංසාව හිමිවිය යුතු බව ද පැවසීය.
මේ අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී දිසානායක, වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් විපක්ෂ සංවිධායක චන්දිම මහින්දසෝම යන මහත්වරු උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් හා ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.