ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පාද අහිමිවූ සිවිල් වැසියන් සඳහා නොමිලයේ කෘතීම පාද

    මාර්තු 17, 2015
    විවිධ හේතුන් නිසාවෙන් පාද අහිමිවූ සිවිල් වැසියන් සඳහා නොමිලයේ කෘතීම පාද (prosthetic legs) ලබාදීම සඳහා ජංගම වැඩසටහනක් පසුගියදා යාපනය මිරිසුවිල් හි 52 වැනි සේනාංක මුලස්ථානය මගින් සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහනේ දී පාද අහිමි වූ සිවිල් වැසියන් 43 දෙනෙක් වෙනුවෙන් කෘතීම පාද ලබාදීම සිදුකරන ලදී.
     
    යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය සම්බන්ධිකරණයෙන් දිස්ත්‍රික් 3,300 රොටරි සමාජය (Rotary District 3,300), මැලේසියානු රොටරි සමාජය (Rotary Club of capital City Malaysia ) මුලස්ථානය සහ කොළඹ ෆ්‍රෙන්ඩ් ඉන් නීඩ් සමාජ සේවා සංගමය (CFINS) මේ සඳහා අනුග්‍රහය දක්වා දක්වා තිබුණි.
     
    මෙම අවස්ථාව සඳහා කතෝලික පියතුමන්ලා , ප්‍රාදේශීය ලේකම්වරයා වෛද්‍යවරුන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya