ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිලිනොච්චිය හා නුවරඑළියට ජපන් රජයේ සහාය

    මාර්තු 17, 2015
    ජපන් රජය විසින් බිම් මට්ටමේ ආරක්ෂණය උදෙසා ආධාර ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනික වටපිටාව ඉහළ නැංවීමට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජලය හා සනීපාරක්ෂාව නඟාසිටුවීමට ඇමෙරිකානු ඩොලර් 263,139 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
     
    ජපන් රජයේ රාජ්‍ය සහන ප්‍රතිපත්තියේ එක් ක්ෂේත්‍රයක් වන නැඟී එන ප්‍රදේශ සංවර්ධනය කිරීම යටතේ මෙම මුදල් ලබා දුන් අතර මෙම ප්‍රදේශවල සිටින ජනයාගේ ආර්ථීක අභිවෘද්ධිය උදෙසා යටිතල පහසුකම් ද මූලික වශයෙන් ඉහළ දැමිය යුතු බව ජපන් රජයේ අදහසයි.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජලය හා සනීපාරක්ෂාව නඟාසිටුවීමට ඇඩ්‍රා ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරන අතර එමගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට පිරිසිදු පානීය ජලය සපයා දෙමින් ඔවුන්ගේ සනීපාරක්ෂක පුරුදු ඉහළ දැමීම අරමුණු කරගනු ලැබේ.
     
    මෙවැනි ආකාරයේ පුළුල් ප්‍රවේශයක් මඟින් දීර්ඝ කාලීන සාමයක් සහ සංහිඳියාවක් ලඟා කර ගත හැකි බව ජපන් රජය විශ්වාස කරයි.
     
    ජපන් තානාපති නොබිහිතෝ හොබෝ මහතා ඇඩ්‍රා ශ්‍රී ලංකා අයතනයේ නේවාසික අධ්‍යක්ෂ ජයන්ද්‍ර සෙනෙවිරත්න මහතාත් සහ ඇඩ්‍රා ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ ගුඩෝ ඩී. රයිස් මහතා සමග ඊයේ (16) තානාපති නිල නිවසේ දී මෙම අධාර ගිවිසුම් දෙක අත්සන් කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya