ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාත් සභාවේ වැඩ කටයුතු විනාඩි 55 කට සීමා වෙයි.

    මාර්තු 17, 2015

    මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවට මෙතෙක් විසදුම් ලැබී නොමැති බැවින් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මධ්‍යම පළාත් සභා විපක්ෂයේ සියළුම මන්‍ත්‍රීවරු අද (17) පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදී සභා ගැබෙන් නික්ම යන ලදී. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එ.ජා.ප.) පද්මලාල් ද අල්විස් මහතා පළාත් සභා සභාපතිවරයාගේ අවසරය මත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 34 දෙනෙකුගේ අත්සනින් ලබා දී ඇති විශ්වාසය පළ කිරීමේ ලිපියට මෙතෙක් සාධාරණ විසිදුමක් ලැබී නොමැති බවයි.

    පළාත් සභාවේ හයවැනි සභා වාරයේ තෙවැනි සැසිවාරයේ සභා රැස්වීම අද (17) මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, අද දිනයේදී සාකච්ඡාවට බදුන් වීමට නියමිතව තිබුයේ මධ්‍යම පළාතේ බඩු උකස් ගනන්නන්ගේ ප්‍රඥප්ති කෙටුම්පතයි.

     

    සුපුරුදු පරිදි අද දින පෙ.ව. 10.00 ට පළාත් සභාව රැස් වුවත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හමුවේ ඝන පූර්ණය නොමැති නිසා සභාවේ කටයුතු විනාඩි තිහකින් පසුව තාවකාලිකව අත්හිටුවා විනාඩි 10 කට‍ සභාව කල් තබන ලදී. විනාඩි 10 කින් පසු නැවත පළාත් සභා රැස්වීම ආරම්භ වුවත් එම අවස්ථාවේදීද ඝන පූර්ණය නොවුයෙන් සභාවේ කටයුතු එදිනට අවසන් කොට එළඹෙන අප්‍රේල් 06 වැනි දින දක්වා කල් දමන ලදී.ඒ අනුව අද සභාව පැවැත්වීමට හැකියාව ලැබුනේ විනාඩි 55 ක කාලයක් පමණි.

     

    සභාවේ වැඩ කටයුතු ආරම්භ වන විට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් අමාත්‍යවරු ඇතුළු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සහ විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ ඇතළු විපක්ෂ මන්ත්‍රීවරු රැසක්ද සභා රැස්වීම සදහා සහභාගී වී සිටියහ.


    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya