ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කිසිදු වැටුපක් නොලබා සෞදියේ වසර 11ක් රඳවාගෙන සිටි කාන්තාව කඩිනමින් දිවයිනට

    මාර්තු 18, 2015

    සෞදි අරාබියේ වසර 11ක් තිස්සේ කිසිදු වැටුපක් හෝ නිවාඩුවක් නොලැබූ එච්. එම්. ධනවතී මහත්මිය හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

     

    අනුරාධපුර, කැකිරාව, ගෝනපතිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පස්දරු මවක් වන හේරත් මුදියන්සේලාගේ ධනවතී මහත්මිය 2003 වර්ෂයේ ජූලි මස 7වන දින විදේශගත වී ඇති අතර, සෞදියේ නැගෙනහිර පළාතේ අල් කෝබාර් හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කර ඇත. මේ වන තෙක් ඇයව එම නිවසේ රඳවාගෙන ඇති අතර, සිය නිවස සමඟ කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔවුන් අවස්ථාව ලබා දී නැත.

     

    පසුගිය 2015.03.06 දින සෞදි තානාපති කාර්යාලයේ ජංගම සේවා නිලධාරීන් ඇයව සොයා ගන්නා ලදී. ඇය සොයා ගන්නා විටත් මෙම නිලධාරීන්ට හැඟී ගියේ ඇයට සිංහල භාෂාව නිසි ලෙස හැසිරවිය නොහැකි බවයි. සෞදි තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඇයව ආරක්ෂිත නිවාසයක රඳවා (Safe House) ඇයට අහිමි වූ වැටුප සිය හාම්පුතා වන සිරියානු ජාතිකයාගෙන් රියාල් 61,075 ක් එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 2,076,000 (විසි ලක්ෂ හැත්තෑ හය දහස) ට අධික මුදලක් ඊයේ දින ලබා ගත්තේය. මීට අමතරව ඇයව ලංකාවට ගෙන්වීමට අවශ්‍ය මුදල් ද මොහුගෙන් ලබා ගැනීමට හැකිවී ඇත. ඒ අනුව ඇයව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇත.

     

    අමාත්‍යතුමිය තවදුරටත් සඳහන් කළේ, මැදපෙරදිග මේ ආකාරයෙන් සඟවා තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට නිලධාරීන් ලවා අවශ්‍ය සියලුම කටයුතු කිරීමට තමන් උපදෙස් දුන් බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya